මේ ලොව මනරම්
කීවද කෙතරම්
හැඬුවා ඇති තරම්
දැනුනි හද ගැහෙන තරම්…
තනිවම ඉන්නට …සිතුනත් හැමකල
කවුරුන් හෝ විත්..බිඳියි ඒ තනිකම
ආසයි ඉන්නට
මනරම් තනිකම
හැමදාමත් ලඟ
නොබිඳී සිටින විට
සිරිපොද වැස්සට තෙමි තෙමි හිනැහෙන
මල්පොකුරක් සේ ආදරෙන්
මා ඔබ නෙතලඟ නතරව ඉන්නම්
කල්ප ගනන් වුව රත්තරන්..
ඔබේ ආදරය රත්තරන්….
හසරක් නොදැනෙන ඉමක් කොනක් නැති
සිතිවිලි සාගරයේ
පහන් ටැඹක් සේ මඟ හෙලි කරදෙන
ඔබේ ආදරය රත්තරන්…
කුනාටු මුහුදකි රුදු මරු කතරකි
මගෙ මුලු ජීවීතයේ..
පොද වැස්සක් විය රිවි කිරණක් විය
ඔබේ ආදරය රත්තරන්..
ගේය පදයක් ලෙස ලියවුනු මගේ කවිය
ඔබ සරා සදිසි වතයි
පුන්සඳ පෝදා වගෙයි
මගේ ලොවේ අඳුර නසන පහන්තරුව ඔබයි..
ඔබ සරා සදිසි වතයි…
මම අමාවකට රැයයි
ඒ රැය පුරාම දුකයි
කණාමැදිරි එළි පමණක් ගේ පුරාම දුවයි
තනියහනේ එළිවෙන්නට කල්ප ගනන් ගෙවෙයි
මේ රැය තවමත් හඩයි…
ඔබ නැතිදා රැය දිගයි
ඒ රැය නිදිනැති වගයි
ලොවේ කොතැන හිටියත් ඔබ මගෙම කියා හිතෙයි
ඔබ අන්සතු බවක් සිතට
කිසිදාවත් නොඑයි
මේ සිත තවමත් ඔබෙයි…