Archives

All posts for the month February, 2012

මේ ලොව මනරම්

Published February 19, 2012 by hemajayantha

මේ ලොව මනරම්
කීවද කෙතරම්
හැඬුවා ඇති තරම්
දැනුනි හද ගැහෙන තරම්…

තනිවම ඉන්නට …සිතුනත් හැමකල
කවුරුන් හෝ විත්..බිඳියි ඒ තනිකම
ආසයි ඉන්නට
මනරම් තනිකම
හැමදාමත් ලඟ
නොබිඳී සිටින විට

 

කැඩපත

Published February 13, 2012 by hemajayantha

කැඩපතට මුකුලු කල
ගිලිහෙන සලුව විසිරෙන
ඉඟසුග….
නලල රැළි නංවන
නරකෙසක සේයාව දුටු
බියරැඳුනු දෙනයන
සසර දුක කැන්දන
රූපයේ චමත්කාරය නම් වන
මිරිඟුව…
තණ අගක රඳුනු කල සේ
දිලිසෙන පිණි බින්දුව
දක්වයි මායාව
හොඳින් ඔපවත්කල කැඩපත

සිරිපොද වැස්සට

Published February 10, 2012 by hemajayantha

සිරිපොද වැස්සට තෙමි තෙමි හිනැහෙන
මල්පොකුරක් සේ ආදරෙන්
මා ඔබ නෙතලඟ නතරව ඉන්නම්
කල්ප ගනන් වුව රත්තරන්..
ඔබේ ආදරය රත්තරන්….

හසරක් නොදැනෙන ඉමක් කොනක් නැති
සිතිවිලි සාගරයේ
පහන් ටැඹක් සේ මඟ හෙලි කරදෙන‍‍
ඔබේ ආදරය රත්තරන්…

කුනාටු මුහුදකි රුදු මරු කතරකි
මගෙ මුලු ජීවීතයේ..
පොද වැස්සක් විය රිවි කිරණක් විය
ඔබේ ආදරය රත්තරන්..

ගේය පදයක් ලෙස ලියවුනු මගේ කවිය

Published February 10, 2012 by hemajayantha

ගේය පදයක් ලෙස ලියවුනු මගේ කවිය

ඔබ සරා සදිසි වතයි
පුන්සඳ පෝදා වගෙයි
මගේ ලොවේ අඳුර නසන පහන්තරුව ඔබයි..
ඔබ සරා සදිසි වතයි…

මම අමාවකට රැයයි
ඒ රැය පුරාම දුකයි
කණාමැදිරි එළි පමණක් ගේ පුරාම දුවයි
තනියහනේ එළිවෙන්නට කල්ප ගනන් ගෙවෙයි
මේ රැය තවමත් හඩයි…

ඔබ නැතිදා රැය දිගයි
ඒ රැය නිදිනැති වගයි
ලොවේ කොතැන හිටියත් ඔබ මගෙම කියා හිතෙයි
ඔබ අන්සතු බවක් සිතට
කිසිදාවත් නොඑයි
මේ සිත තවමත් ඔබෙයි…

 

Follow

Get every new post delivered to your Inbox.