සිතෙන් බැසගිය තාරකාවිය
හදෙන් සමුගත් දේවතාවිය
ලයේ කොතැනක හෝ සිටින්නට
යලිත් එනු මැන කින්නරාවිය..
සියොත් ගැයු ගී හමාරය දැන්
වසත් සමයේ මල්ද මිලිනයි
දෙනෝදාහක් අතර වුව මා…
තනියමයි අද ….
යලිත් එනු මැන කෝකිලාවී..
වැයූ වීනා මියැසි නිම වී
සුසර තත් යුග බිඳි බිඳී…
නැගුනු සත්සර අතරමැද මා…
ගොළු හදින් අද
යලිත් එනු මැන මිහිරාවී….
Advertisement
