සුළං පොදක් නැති වලාපොදක් නැති
ගිනියම් අහසේ පියාවිදා….
සරණ සියොත් සේ ගුවන අරා
ඉමකොන නොදැනා කොතැන නවතිනා
නොදනිම් මා ….සිතපුරා…
දළු කොල මල් නැති වියැලුනු රුක් මුල
කෙලෙසක සෙවනක් ලැබගන්නේ…
ඉහට උඩින් දර ඉපල් වගේ අතු
කෙලෙසක වියනක් ඔසවන්නේ..
සිත පලා දුවන්නේ නිම්හිම් සොයමින්
ඉමකොන නොදැනා කොතැන නවතිනා
නොදනිම් මා ..
විසුල කුසුම් නැති වස්සානයෙ විල්
කෙලෙසක සුවඳක් පතුරන්නේ..
පාලුව තනිකම වසා වෙලාගෙන
නිහඩ බවින් ඇයි රිදවන්නේ
සිත පලා දුවන්නේ නිම්හිම් සොයමින්
ඉමකොන නොදැනා කොතැන නවතිනා
නොදනිම් මා .
Advertisement