නවාතැන ලෙස ඔබේ හදවත
අසල නැවතී සෙවන සෙව්වත් මං..
එතුල සිටි රුපු දනන් එලැඹී
අසුරු සැනකින් ඔබේ සෙවනින්
ඉවත දැමුවෙද මං….
සසර තරණය කලා මම දිගු
ඔබේ ලඟ මොහොතක් රැඳෙන්නට
සසර සුපුරුදු ඔබේ සුවඳට
ඉබේටම ඔබ ලඟට ආවද
ඔබේ කුටියේ කවුළු නැහැ නෙවැ
සසරෙ පෙර තිබු ලෙස හැරී….
කතර අභියස මහා ගින්දර
මැදින් ආවත් දිය සොයන්නට
සසරෙ පෙරදා ගලා ගිය ඒ
සුනිල්වන් දිය දහර වියැලී
කතරෙ නැහැ නෙවැ දිය පිරී
මිරිඟුවක් දැක මුලාවී..
Advertisement
