සිතක දෑලවර- වියෝව

images0005මේ විලස පැමිණියේ
සසර පුරා……………
දුක හඳුනාගෙන දුකෙන් මිදෙන්නට
මේ අත්භවයෙම
පෙරුම්පුරා…………..

ඔබෙන් ලැබුනු අභිමන් සෙනෙහස්
සුවෙන් විඳින්නට නොලදිමි සුවහස්
ඒ දුක ඇත්තයි…දුකම මිහිරි වෙයි
අමිහිරි දිවියේ … කඳුල මිහිරි වෙයි
කවදා හරි අත්විඳින්නදෝ……
ඔබ මා හමුවූවේ…………………

නෙතට දකින රූ ඉන්ද්‍රචාප ලෙස
වියැකී යන්නට මයි වූයේ
ඒ අනියත බව වටහාගන්නට
කඳුලු මිහිරි තුල හැකි උනිදෝ
මම මාගේ නොව ඔබ ඔබගේ නොව
අප අපගේවත් නොවුනා සේ
මමත් ඔබත් වෙන්වුනු දවසේ

සසර පුරා විත්
සපුරාගන්නට
දුකෙහි ස්වභාවය
අත්වින්දා……..
අතැඹුලක් සේ
යලි යලි සසරේ
මතු ගෙවදින්නට
මන්දිරේ………
අනන්ත දුක් මයි
බැහැ සසරේ…..

Published in:  on November 7, 2009 at 5:29 am Leave a Comment

The URI to TrackBack this entry is: http://hemajayantha.wordpress.com/2009/11/07/%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b6%9a-%e0%b6%af%e0%b7%91%e0%b6%bd%e0%b7%80%e0%b6%bb-%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b7%80/trackback/

RSS feed for comments on this post.

Leave a Comment