බැති ගී සරණී

මෙම “බැති ගී සරණී”  පිටුව  ඔබ සදහාමයි.
අප මේ අඩවිය නැවුම් බැති ගී ගේයපද එකතුවක්
ලෙස පවත්වන්නෙමු. වෙසක්  පොසොන්  ඇසල
ආදී උත්තම පෝ දිනයන් අලලා ඔබේ භක්තිපූර්ණ
ගේය පද අපට එවන්න. ඔබේ බැති ගී සරණියට
මෙතැනින් ගේයපද රැගෙන යන්න. සෑම විටම
රචකයාගේ නම සදහන් කරන්න.ලිපිනය
jcolombage@gmail.com

මේ…. ඇසල සදයි…
මුවගුලු හැරදා…කවදා කියනු බැරි..
එපුවත පිළිවෙලිනා…..
ඇසල මහේ ඇසල සදේ…

මේ සද ඇසුවා අනන්ත
දම්සක් පැවතුම් බණවර
පස්වග තවුසන් පිරිවර
පැහැදී ඉසිපතනය තුල
මේ සදමයි ඒ අසිරිය වින්දේ
මේ මහ පිරිසම මගඵල ලැබුවේ
ඇසල මහේ ….ඇසල සදේ

මේ සද දුටුවා අනන්ත
රහතුන් දෙසනා බණවර
සියලු කෙලෙස් මල නසමින
සසර දුකෙන් යන එතෙරට
මේ සදමයි ඒ උතුමන් දුටුවේ
මේ සද එළියේ දම් ගග ගැලුවේ
ඇසල මහේ ….ඇසල සදේ

පද රචනය – හේම ජයන්ත කොළඹගේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.