මේ ලොව මනරම්
කීවද කෙතරම්
හැඬුවා ඇති තරම්
දැනුනි හද ගැහෙන තරම්…
තනිවම ඉන්නට …සිතුනත් හැමකල
කවුරුන් හෝ විත්..බිඳියි ඒ තනිකම
ආසයි ඉන්නට
මනරම් තනිකම
හැමදාමත් ලඟ
නොබිඳී සිටින විට
සිරිපොද වැස්සට තෙමි තෙමි හිනැහෙන
මල්පොකුරක් සේ ආදරෙන්
මා ඔබ නෙතලඟ නතරව ඉන්නම්
කල්ප ගනන් වුව රත්තරන්..
ඔබේ ආදරය රත්තරන්….
හසරක් නොදැනෙන ඉමක් කොනක් නැති
සිතිවිලි සාගරයේ
පහන් ටැඹක් සේ මඟ හෙලි කරදෙන
ඔබේ ආදරය රත්තරන්…
කුනාටු මුහුදකි රුදු මරු කතරකි
මගෙ මුලු ජීවීතයේ..
පොද වැස්සක් විය රිවි කිරණක් විය
ඔබේ ආදරය රත්තරන්..
ගේය පදයක් ලෙස ලියවුනු මගේ කවිය
ඔබ සරා සදිසි වතයි
පුන්සඳ පෝදා වගෙයි
මගේ ලොවේ අඳුර නසන පහන්තරුව ඔබයි..
ඔබ සරා සදිසි වතයි…
මම අමාවකට රැයයි
ඒ රැය පුරාම දුකයි
කණාමැදිරි එළි පමණක් ගේ පුරාම දුවයි
තනියහනේ එළිවෙන්නට කල්ප ගනන් ගෙවෙයි
මේ රැය තවමත් හඩයි…
ඔබ නැතිදා රැය දිගයි
ඒ රැය නිදිනැති වගයි
ලොවේ කොතැන හිටියත් ඔබ මගෙම කියා හිතෙයි
ඔබ අන්සතු බවක් සිතට
කිසිදාවත් නොඑයි
මේ සිත තවමත් ඔබෙයි…
via සිතක දෑලවර
ජීවිතේ පොත ගිලිහිලා
මතකයේ පිටු පෙරලිලා..
අතීතයෙ ඇඳි කුරුටු සිතුවම්
අනේ තැන තැන විසිරිලා…
බැම්ම බිදිමින් ගලා ගෙන ආ
මහා වැව් වතුරක් වෙලා
නතර කරනට නොහැකි වේගෙන්
කාලයද මා යට කලා…
අසිහියෙන් මා හෙලු සුසුමන්
දිගේ පණනල පැවතුනා
හේතුඵල ලෙස හිතේ ඇතිඋනු
චෛතසික මම යැයි උනා
මුලාවෙන් වැතිරිලා ඒ මත
කලා රමනය භව පුරා…
ඉපිද මියෙමින් එහිම නිදමින්
අනේ එහි සැප සොය සොයා..
සිතෙන් බැසගිය තාරකාවිය
හදෙන් සමුගත් දේවතාවිය
ලයේ කොතැනක හෝ සිටින්නට
යලිත් එනු මැන කින්නරාවිය..
සියොත් ගැයු ගී හමාරය දැන්
වසත් සමයේ මල්ද මිලිනයි
දෙනෝදාහක් අතර වුව මා…
තනියමයි අද ….
යලිත් එනු මැන කෝකිලාවී..
වැයූ වීනා මියැසි නිම වී
සුසර තත් යුග බිඳි බිඳී…
නැගුනු සත්සර අතරමැද මා…
ගොළු හදින් අද
යලිත් එනු මැන මිහිරාවී….
සුළං පොදක් නැති වලාපොදක් නැති
ගිනියම් අහසේ පියාවිදා….
සරණ සියොත් සේ ගුවන අරා
ඉමකොන නොදැනා කොතැන නවතිනා
නොදනිම් මා ….සිතපුරා…
දළු කොල මල් නැති වියැලුනු රුක් මුල
කෙලෙසක සෙවනක් ලැබගන්නේ…
ඉහට උඩින් දර ඉපල් වගේ අතු
කෙලෙසක වියනක් ඔසවන්නේ..
සිත පලා දුවන්නේ නිම්හිම් සොයමින්
ඉමකොන නොදැනා කොතැන නවතිනා
නොදනිම් මා ..
විසුල කුසුම් නැති වස්සානයෙ විල්
කෙලෙසක සුවඳක් පතුරන්නේ..
පාලුව තනිකම වසා වෙලාගෙන
නිහඩ බවින් ඇයි රිදවන්නේ
සිත පලා දුවන්නේ නිම්හිම් සොයමින්
ඉමකොන නොදැනා කොතැන නවතිනා
නොදනිම් මා .
නවාතැන ලෙස ඔබේ හදවත
අසල නැවතී සෙවන සෙව්වත් මං..
එතුල සිටි රුපු දනන් එලැඹී
අසුරු සැනකින් ඔබේ සෙවනින්
ඉවත දැමුවෙද මං….
සසර තරණය කලා මම දිගු
ඔබේ ලඟ මොහොතක් රැඳෙන්නට
සසර සුපුරුදු ඔබේ සුවඳට
ඉබේටම ඔබ ලඟට ආවද
ඔබේ කුටියේ කවුළු නැහැ නෙවැ
සසරෙ පෙර තිබු ලෙස හැරී….
කතර අභියස මහා ගින්දර
මැදින් ආවත් දිය සොයන්නට
සසරෙ පෙරදා ගලා ගිය ඒ
සුනිල්වන් දිය දහර වියැලී
කතරෙ නැහැ නෙවැ දිය පිරී
මිරිඟුවක් දැක මුලාවී..